( Rj ආරෝහීගේ නිවසට පැමිණ දොරට තට්ටු කරයි. ආරෝහී නහය හාර හාර විත් දොර විවර කරයි )
RJ-මගෙ වස්තු ආරෝහී…..
ආරෝහී – ඇයි ඔටෝග්රාප් එකක් සයින් කර ගන්නද ?
RJ-ආරෝහී… මේ මම රාහුල්… ඔයාගෙ රාහුල් පැටියො.
ආරෝහී – රාහුල්… ම්ම්ම් මට මතක නෑ. පොඩ්ඩක් ඉන්න ඇට්ලස් පෑනක් අරන් එනකන් සයින් එකක් දාන්න.
RJ-ආහ් ආරෝහී ලියන්නෙත් ඇට්ලස් පෑනෙන් එතකොට.
ආරෝහී – ආයෙත් අහල අන්තිම තිතටම ලියවෙන පෑනනෙ ඇට්ලස්.
( RJ ආරෝහී ගෙ අතින් ඇල්ලීමට තැත් කරයි, ආරෝහී අත ගසා දමයි )
ආරෝහී – චී…. වනචරය ගහනව මගෙ රන්පා සෙරෙප්පුවෙන් ඕවට ආවොත් නම්.
RJ-අනේ ආරෝහී ඇයි මට මෙහෙම කරන්නෙ මාව අඳුනගන්න බැරිද ? මම රාහුල්.. රාහුල් ජයිකර්… අර ඔයා නිසා ගඟට පැන්නෙ.
ආරෝහී – දැන්නම් ලාවට වගේ මතකයි, ඉස්සර තමුසෙ හෙන බේබද්ද නේද ? බෝතලේ කටේ ඔබා ගත්ත ගමන්නෙ හැමවෙලේම.
RJ-මම ඒව සේරම නැවැත්තුවා පැටියො. මම ආවෙ ඔයාව බලන්න. මට ඔයාව නැති කරගන්න බෑ
වස්තු. දැන් ආයෙම මට සින්දු කියන්නත් පුලුවන්.
( RJ සුන් රහා ගීතය ගායනා කර පෙන්වයි )
ආරෝහී – සුපර්ස්ටාර් යන්න නම් තව මදි. ඔයා උච්චස්වර වල හරියට ගායනා කරන් නෑ. කමක් නෑ මම ඔයාට සුභ පතනව. දිගටම ප්රැක්ටිස් කරන්න.
RJ-මට ඔය මඟුල් වලින් වැඩක් නෑ ආරෝහී, මට ඕනෙ ඔයාව. ඇයි මට මෙහෙම කරන්නෙ. මම ගඟට පැන්නෙ ඔයා නිසා.
ආරෝහී – ඉතින් මිනිහො ගඟට පැන්න නම් මැරෙන්න එපායැ. ආය ඇවිත් මෙතන මට වද දෙන්නෙ. අනික
මම ඔයාගෙ යාළුවා මැරි කරල ඉවරයි. මම දැන් දරුවො පහක් ගෙ අම්ම කෙනෙක්.
RJ-මොකක් ? යකෝ මේකි මැෂිමක් ද ? දරුවො පහම එක තාත්තගෙ ද ආරෝහී ?
( RJ ඉකිබිඳිමින් වැලපෙයි )
ආරෝහී – ඒ පැහිච්චකම් වලින් තමුසෙට වැඩක් නෑ. ඇයි හයවෙනි එකා තමුසෙ හදල දෙන්න ද ?
RJ-බැරිකමක් නෑ.
ආරෝහී – පල යන්න මෙතනින් බේබද්ද, තොට මොනවත් බෑ හරියට. යකෝ සින්දු කියන්න බැරි එක
වෙනම කතාවක් අඩුම ගානෙ උඹට හරියට මැරෙන්නවත් බෑනෙ. තව කතාව ළමයි හදන්න.
RJ-හරි ආරෝහී, මම යන්නම් සඳහටම ඔයාගෙන් වෙන්වෙලා යන්නම්. මට රුපියල් 500/- දෙනව ද ?
ආරෝහී – ඒ මොකටද ? ගල් අරක්කු භාගයක් ගන්නද ?
RJ-නෑ පැටියො. වහ කුප්පියක් ගන්න.
ආරෝහී – රුපියල් 500/- නම් නෑ. කුඹුරට ගහන්නගෙනාව වල් තෙල් බෝතලයක් ඇති. ඉන්න ගෙනත්
දෙන්නම්.
( ආරෝහී නිවස තුලට ගොස් වල් තෙල් බෝතලයක් රැගෙන විත් එය RJ ට ලබා දෙයි. RJ එය පානය කිරීමට සැරසෙන විටම ආරෝහී ඉදිරියට පැන ඔහුව වලක්වයි )
RJ-මම දන්නව පැටියො ඔයා මට තාමත් ආදරෙයි කියල. මේක ගෙනත් දුන්නට ඔයා මට මේක බොන්න ඉඩ දෙන් නෑ කියල මට හිතුන.
ආරෝහී – අනේ බොල මී හරකො, එහෙම එකක් නෙවේ උඹ ඕක බීපන් වෙන කොහෙට හරි ගිහින්. ඕක බීල උඹ මෙතන වලකජ්ජ ගැහුවම මටනෙ සාක්කි දෙන්න වෙන්නෙ උසාවි ගානෙ රස්තියාදු වෙවී. අපරාදෙ ෂෝ එකක් හරි මිස් කරගන්න එක හෙන
පාඩුවක් මේ දවස් වල හැටියට. අනික ඊලඟට අපේ පරණ සීන් කෝන් දිග ඇරුනොත් ආයෙම මගෙ පවුල් ජීවිතෙත් කඩාකප්පල් වෙයි. පිංසිද්ධ වෙච්චාවෙ දැන්වත් ඕක අරන් මෙතනින් තොලොංචි වෙයන්.
( RJ සුසුමක් පිටකරයි )
RJ-හරි ආරෝහී… මගෙ වස්තු මම තවත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ. මම යන්නම්. ඒත් එකක් මතක තියාගන්න පැටියො මේ රාහුල් ඔයාට හැමදාටම ආදරෙයි.
ආරෝහී – හරි හරි.. හැබැයි මට ඇත්තටම ආදරෙයි නම් මේ පාරවත් හරියට මැරෙන්න ඈ… මටත් දැන් මේක ඇති වෙලා. ආශිකී 4 නම් එන්න ඉඩ තියන්න එපා. මෙන්න වැන්ඳ.
( RJ ගේ දෙපා අල්ලා ආරෝහී වැඳ වැටෙයි. RJ
උරහිස් වලින් අල්ලා ඇයව නැඟිටවා ආරෝහීගේ නලලට හාඳුවක් දෙයි. දෙදෙනාම වැලඳගෙන වැලපෙයි. අනතුරුව ආරෝහී RJ ට පිටුපා නිවස කරා පියනඟයි )
RJ-ආරෝහී……
( ආරෝහී ගමන නවතා බෙල්ල පමණක් හරවා RJ දෙස බලයි )
ආරෝහී – ඇයි ?
RJ-නෑ නිකන්.. කහනවට වගේ.
ආරෝහී – මල සමයන්.